ලංකා අයි.ඕ.සී. තෙල් මිල ඔක්තෝම්බරයේදී ඉහළ යයි

Spread the love

ඔක්තෝම්බර් මාසයේදී සිය පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැඩි කරන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේ නමුත්, ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු බව රජයට දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා අයි. ඕ.සී. කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළඳපොළේ වත්මන් මිල ගණන් අනුව ඉන්ධන අලෙවියේදී තමන්ට විශාල පාඩුවක් විදීමට සිදුව ඇති බවයි.

ජාත්‍යන්තර වෙළඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පසුගිය කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගිය ද 2015 වසරේ ජනවාරි මාසයෙන් පසු අයි.ඕ.සී පෙට්‍රල් මිල වැඩි කර නොමැති අතර, පසුගිය වසරේ සැප්තැම්බරයෙන් පසු ඩීසල් මිල ඉහළ නංවා නැහැ.

ලංකා අයි.ඕ.සී කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන්ට මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 14ක පාඩුවක් විදීමට සිදුව ඇති බවයි.

ජාත්‍යන්තර වෙළදපොළේ මිල ගණන්වලට අනුකූලව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහළ නංවනු ලැබුවා.

84total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *