බිරිඳව පන්නගෙන යන අනියම් සැමියාගේ පස්සෙන් ඇවිත් නීත්‍යානූකූල සැමියා කරපු දේ

Spread the love

බිරිඳ අනියම් සැමියා බේරගන්න “මෙන්න අපව මංකොල්ල කනවා” කියලා කෑ ගහලා….

 

අනියම් සැමියාට හෝමාගම රෝහලේදී සැත්කමක්…..

 

බිරිඳ හා අනියම් සැමියා පසුපසින් පැන්නූ සැමියෙකු අනියම් සැමියාට කතුරකින් ඇන තුවාල සිදු කිරීමේ පුවතක් කොට්ටාව – මොරකැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 13 වන දා බිරිඳ , අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටිය දී යතුරු පැදියකින් පසුපස පන්නා ආ සැමියා කොට්ටාව- මොරකැටිය මංසන්ධිය අසලදී කතුරකින් ඇන බිරිඳගේ අනියම් සැමියාට බරපතළ තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කතුරු ප්‍රහාරය හා බිරිඳගේ කෑ ගැසීම නිසා සිද්ධිය වූ ස්ථානයට රැස් වූ පිරිස් සැමියාට පහර දී අනියම් සැමියාට ප්‍රහාර එල්ල වීම වැළක්වීමට උත්සාහ ගෙන තිබෙනවා.

සිය අනියම් සැමියා බේරා ගැනීමට තැත් කිරීමේදී බිරිඳට ද තුවාල සිදු වූ නිසා තුන් දෙනාම රෝහල් ගත කළ බව සඳහන්.

මෙම සැමියා හා බිරිඳ විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ තිබෙන්නේ මිට මාස තුනකට පෙරයි.

පසුව මෙරට රැකියාවක් කරන අතර දී බිරිඳ, හමුදා සාමාජිකයෙකු සමග අනියම් සබඳතාවක්‌ ගොඩනගාගෙන තිබෙන බව හෙළි වී තිබෙනවා.

පසුව පවුල් ආරවුල් ඇති වූ අතර, බිරිඳ අතුරුදන්ව ඇතැයි සැමියා විසින් පසුගිය දා පොලිසියට පැමිණිල්ලක් කර තිබු බව සඳහන්.

ඒ ගැන විමර්ශනය කළ පොලිසිය ඉකුත් 13 වැනිදා අඹු සැමි යුවළ පොලිසිය වෙත ගෙන්වා පැමිණිලි විභාගයක්‌ පවත්වා තිබෙනවා.

විභාගය නිම වීමත් සමඟම පොලිසියෙන් පිට වූ කාන්තාව පොලිසිය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට ගොඩ වී පිටත්වන අයුරු දුටු ඇයගේ සැමියා එය නිරීක්ෂණය කරන විට පෙනී ගොස් ඇත්තේ එම ත්‍රිරෝද රථය තුළ බිරිඳගේ අනියම් සැමියා ද සිටින අයුරුයි.

පසුව සිය යතුරු පැදියෙන් ත්‍රිරෝද රථය හඹා ගිය සැමියාට පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මොරකැටිය හංදියේ රථවාහන තදබදයකට හසුවීමෙන් නතර වී තිබූ ත්‍රිරෝද රථය දැක ගත හැකි වූ අතර වහා යතුරු පැදිය පසෙක නතර කර ත්‍රිරෝද රථයේ බිරිඳ හා ගමන් ගනිමින් සිටි ඇයගේ අනියම් සැමියා වෙත ගොස්‌ තමා සන්තකයේ තිබූ කතුරකින් ඔහුගේ උදර පෙදෙසට කිහිපවරක්‌ ඇන තිබෙනවා.

මෙම අවස්‌ථාවේ තුවාලකරු බේරාගැනීමේ අටියෙන් සැමියා හා පොර බැදූ බිරිඳ “මෙන්න අපව මංකොල්ල කනවා” යනුවෙන් කෑ ගැසූ බවයි වාර්තා වී ඇත්තේ.

කාන්තාවකගේ කෑ ගැසීම නිසා එක්‌රැස්‌ වූ අවට පිරිස ඇගේ සැමියාට වටකර පහර දීමෙන් ඔහු ද තුවාල ලබා සිටින අතර, අනියම් සැමියා කතුරු පහරින් මුදා ගැනීමට සැමියා හා පොර බැදීමෙන් බිරිඳ ද තුවාල ලැබුවා.

බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුණ අනියම් සැමියාට හෝමාගම රෝහලේදී 14 දින සැත්කමක්‌ සිදුකිරීමට නියමිතව තිබූනා.

682total visits,3visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *