පස් දෙනෙක් එකතු වෙලා පෙම්වතාට පහරදී, මොණරාගලදී 17 හැවිරිදි පාසල් සිසුවියට අත්කල ඉරණම

Spread the love

පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන තරුණයන් පස් දෙනෙකු ඊයේ (12ද) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකි.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17ක තරුණියක් මහියංගණ දියබානා වැව ප්‍රදේශයේ රැඳි සිටියදී පෙම්වතාට පහරදී පෙම්වතිය බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ.

තරුණිය උපකාරක පන්ති යන බව පවසමින් ගෙදරින් පැමිණ ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

අගතියට පත් තරුණිය පදියතලා රෝහලටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත මාරු කර තිබේ.

332total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *