දෙහි හෝ ලෙමන් පළුවක් නිදන ඇඳ ලග තියන්න

Spread the love

දෙහි හා ලෙමන් කියන්නේ විටමින් c වලින් පරිපූර්ණ සෞඛ්‍යමය වාසි රාශියකින් යුතු අපූරු ඔසුවක්.

අප රූපලාවන්‍ය කටයුතු වලදීත් දෙහි හා ලෙමන් යොදා ගනු ලබන්නේ එහි ඇති සමට හිතකර පෝෂණ කොටස් නිසා ම යි.

එපමණක් නො වෙයි,
ආයුර්වේදයේ එන බර අඩු කර ගැනීමට සාදනු ලබන බොහොමයක් පාන වලටද දෙහි හා ලෙමන් යොදා ගනු ලබනවා.

මෙතෙක් අප පැවසුවේ දෙහි හා ලෙමන් ආහාරයට ගැනීමෙන් හා ආලෙප කිරීමෙන් සිදුවන දේවල් ගැන පමණයි.

ඔබ රාතී නින්දට පෙර නිදන ඇඳ අසල දෙහි හෝ ලෙමන් බාගයක් තබන්න.

පසුදා උදෑසන වන විට ඔබට ලැබෙන වෙනස ගැන දැනගත් පසුව ඔබ හැමදාම එසේ කරාවි.

දෙහි හා ලෙමන් මගින් සිදුවන මෙම අපූරු දේවල් ගැන විස්තර දැන ගැනීමට කලින් තාමත් අපේ page එකට like කර නැත්නම් දැන්මම like කරන්න.

අවසට පරිසරය පිරිසිදු කරනවා.
දෙහි හා ලෙමන් වල ඇති මිහිරි සුවදට අමතරව බැක්ටීරියා නාශක ගුණයක්ද අඩංගු වෙනවා.
මේ නිසා ඔබේ නිදන කාමරය තුල දෙහි පලුවක් තැබීම මගින්, එහෙ තිබෙන රෝග කාරක බැක්ටීරියා විනාශ කර තබා නැවුම් වටපිටාවක් ඔබට ලබා දෙනු ලබනවා.

මානසික ඒකාග්‍රතාවය ඇති කරනවා.
දෙහි හා ලෙමන් සුවඳ ආග්‍රහණය කිරීම මගින් මානසික ඒකාග්‍රතාවය වැඩි වෙන බව ජපානයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.
ඔබ දිනපතා මෙය සිදු කළහොත් මනසේ ක්‍රියාකාරිත්වය මෙන්ම මතකයද වැඩි වන බව ඔවුන් පවසා සිටිනවා.

එපමණක් නො වේ,

මෙම සුවඳ ආග්‍රහණය කිරීම මඟින් මානසික ආතතියෙන් පෙළෙන අයට ද ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

මදුරු කරදරයෙන් මිදෙන්නට පුළුවන්.
දෙහි හෝ ලෙමන් පලුවක් ඔබේ නිදන ඇඳ අසල තබා ගැනීමෙන් මදුරුවන් වැනි කෘමි සතුන්ගෙන් ඔබට කරදර සිදුවන්නේ නැහැ.
සාර්තකව මදුරුවන් පලවා හැරීම සඳහා මදුරු නාශක මිලදී ගන්නවට වඩා දෙහි පළුවක් මත කරාබු නැටි කිහිපයක් සවි කර ඇඳ අසලින් තබා ගන්න.

සැහැල්ලු බව.
ඔබේ ස්නායු පද්ධතිය සංසිඳුවීමට වෙහෙසකර දිනයක විඩාබව නැති කර ගැනිමට දෙහිවල වැඩම පැඟිරි සුවඳට විශේෂ හැකියාවක් තිබෙනවා.
පැඟිරි තෙල් ස්වල්පයක් භාවිතා කිරීමෙන් හෝ නිදි යහන අසල දෙහි පළුවක් තබා ගැනීම මඟින් මෙම වාසි ඔබට අත් කර ගැනීමට පුළුවන්.

149total visits,2visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *