Loading...

චාමර සිල්වා ඇතුලූ ක්‍රීඩකයන්ට පැනවුණු ක්‍රිකට් තහනම අත්හිටුවයි

Spread the love

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර ක්‍රිකට් තරගයක අක්‍රමිකතාවක් සිදුවූ බව පවසමින් චාමර සිල්වා ඇතුලූ ක්‍රීඩකයන්ට එරෙහිව පැනවුණු ක්‍රිකට් තහනම තාවකාලිකව ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඒ, එම ක්‍රීඩකයන් ඉදිරිපත් කළ අභියාචනය පරීක්ෂා කිරීම සඳහා පත් කෙරුණු  ඕෂර පණ්ඩිතරත්න ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයකට අනුවයි.

මෙම ක්‍රීඩකයන්ට පැනවුණු තහනම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සහයක් නොවන බව අදාළ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තවත් කාලය අවශ්‍ය බැවින් එම පරීක්ෂණ නිමවනතුරු තහනමට ලක්වූ ක්‍රිඩකයන්ට දේශීය ක්‍රිකට් තරගවලට නැවතත් සහභාගිවීම සඳහා අවස්ථාව සැළසෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළේ.

123total visits,2visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *