ගෙළ වැළලාගෙන මිය ගිය 19 හැවිරිදි තරුණිය හා 28 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ

Spread the love

 

ගෙළ වැළලාගෙන මිය ගිය 19 හැවිරිදි තරුණිය හා 28 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ

කළුතර මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ නිවසක තිබී ගෙළ වැළලාගෙන මිය ගිය තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මිය තරුණිය 19 හැවිරිදි හොරණ ප්‍රදේශයේ අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මියගිය තරුණයා මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

එක්දරු පියෙකු වන අදාළ තරුණයා ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන රථයක රියදුරෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

මිය ගිය තරුණිය ද එම ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති අතර ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පැවති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා ගත් ඡායාරූපයක් ද තරුණියගේ ජංගම දුරකථනයේ තිබූ බව දෙමව්පියන් පවසා තිබෙනවා.

මෙම සම්බන්ධය පිළිබඳ ඇගේ දෙමව්පියන් දැඩි විරෝධයක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා ඊයේ (13) අළුයම මෙම තරුණිය නිවසින් කැඳවා ගොස් තිබෙනවා.

පසුව අදාල තරුණියගේ ඥාතින් විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර තරුණයාගේ මිතුරෙකු විසින් ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ද ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම තරුණයා ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳ සොයා බැලීමට මෙම තරුණයාගේ පරගස්තොට ප්‍රදේශයේ නිවසට ගොස් තිබෙනවා.

නිවස පරීක්ෂා කිරීමේදී මොවුන් දෙදෙනා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බවයි ඔහුගේ මිතුරෙකු පොලිසියට පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතයි.

LIKE කරන්න අමතක කරන්න එපා

119total visits,2visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *