Loading...

අතිශයින්ම විශ්මයජනක දෙයක් අගහරු මතින් හමුවෙයි.

Spread the love

අගහරු ග්‍රහලෝකය තුලින් කිසිදා බලාපොරොත්තු නොවූ දෙයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඒ පිටසක්වල ජීවීන් නොවුනත්, ඒ තරමටම වැදගත් සාධකයකි.

මෙම සොයාගැනීම සිදුකර තිබුනේ ජෝන් හෝකින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින්. ඔවුන් නාසා ආයතනයේ පැරණි චායාරූප නැවත පරික්ෂා කිරීමට කටයුතු කළා. මීට අවුරුදු 15ට පමණ පෙර ලබාගත් චායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ දැඩි අවදානයක් යොමුවුනා. එම චායාරූප නැවත අලුත් වැඩියා කිරීමේදී අගහරු ග්‍රහයාගේ සමකය ආසන්නයෙන්, ඔවුන් කිසිදා බලාපොරත්තු නොවූ දෙයක් පිළිබඳව විශාල හෝඩුවාවක් ලැබුනා.

එම චායාරූප වලින් දිස්වන්නේ සමකයට ආසන්නයේ වූ විශාල අයිස් තැන්පතුවකි. විද්‍යාඥයින් පවසන්නේ එම අයිස් තට්ටුව මීටර් 3000ක් තරම් ඝනකමින් යුත් බවයි. ඉදිරියේදී සිදුකිරීමට නියමිත අගහරු මෙහෙයුම් සඳහා එය ඉතාමත්ම වැදගත් වෙනවාට කිසිම සැකයක් නැහැ. පෘතුවියේ සිට අගහරු ලෝකයට වතුර රැගෙන යාමටද අවශ්‍ය වෙන එකක් නැහැ.

සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරබන්න

58total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *